Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටවල් 38ක පුරවැසියන්ට ‘One Chop’ ක්‍රමයෙන් නිදහස් වීසා

2 years ago

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල්  38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී තිබෙනවා.

අයදුම්කරුවෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයේ එක් නිල මුද්‍රාවක් පමණක් සහිතව වීසා නිකුත් කිරීමට සහ වීසා දීර්ඝ කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.

X පණිවිඩියක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ අලුතින් හඳුන්වා දී ඇති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලුකාරී තත්වය හේතුවෙන් සංචාරකයින් කටුනායක ගුවන් තොටුපළේ ප්‍රමාදයකට මුහුණ දී සිටින බැවින් මෙම පියවර ගෙන තිබෙනවා.