Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජබ පක්ෂ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක්

2 years ago

ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදවච්චිය ආසනයේ කිරිගල්ලෑව කොට්ඨාසයේ ස්ථාපිත කර තිබූ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයකට යම්කිසි පිරිසක් විසින් පෙරේදා (01) අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායම් විසින් සිදු කර ඇති බවයි ඔවුන් චෝදනා කළේ.

එම ස්ථානයට පැමිණ තම පාක්ෂිකයන් හමු වූ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ පරණ කණ්ඩායම් ඔවුන්ගේ පරාජය දරා ගැනීමට නොහැකිව නැවත සක්‍රීය වෙමින් ජනතාව බියට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.