ජනප්‍රිය පාසල් හතරක් සඳහා අලුතින් පත්කරන ලද විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම අද(05) කැඳවා තිබුණි.
එහිදී පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් එම පෙත්සම සංශෝධනය සඳහා සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම අවසරය ලබාදී තිබේ.
ඒ අනුව, එම සංශෝධිත පෙත්සම ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.
අදාළ විදුහල් සඳහා නව විදුහල්පතිවරුන් පත් කිරීම අවිධිමත් ආකාරයට සිදුකර ඇති බවත් අදාළ පත්වීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමේ වැඩිදුරටත් ඉල්ලා තිබේ.

