ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පවසනවා .
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ අද පැවැති පාර්ලිමේන්තු හමුවේ අදහස් දක්වමින්
මොඩ්‍යුලර් ක්‍රමය හඳුන්වා දී කලක් ගත වුවත් ගුරු මධ්‍යස්ථානවල පැවති සම්පත්දායක හිඟය වැනි විවිධ හේතු මත නිසි කලට අදාළ පරීක්ෂණ සිදු නොකිරීමෙන් එම විභාගවලට පෙනී සිට සමත් වීමට නොහැකි වීම නිසා ගුරුවරුන් විශාල පිරිසකට අදාළ වැටුප් වර්ධක හා උසස්වීම් ලබාගැනීම ප්‍රමාද වී ඇති බවත් ඒ අනුව වෘත්තීය සමිති සමඟ ද සාකච්ඡා කර ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට මෙලෙස සරල විභාගයක් පවත්වා එම අවශ්‍යතාවෙන් ගුරුවරුන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේ.


