Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්

2 years ago

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

උපරිම රුපියල් ලක්ෂ පහළොවක් දක්වා කාණ්ඩ පහක් යටතේ මෙවර ණය ලබා ගැනීමට හැකි වන අතර උසස් අධ්‍යාපන ආයතන දහඅටක උපාධි පාඨමාලා සඳහා සිසුන්ට අයැදුම් කළ හැකි වෙයි.

රුපියල් ලක්ෂ පහළොවක් ලබා දෙන්නේ ඉංජිනේරු පාඨමාලා සඳහා ය. විද්‍යා පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දොළහක්ද තොරතුරු තාක්ෂණ පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දහයක්ද වශයෙන් ණය හිමිකම ලබා ගත හැකි ය.

කළමනාකරණ පාඨමාලා සඳහා හිමිවන ණය මුදල රුපියල් ලක්ෂ දහයක් වන අතර සමාජ විද්‍යා පාඨාමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂ අටකි.

මෙම ණය මුදල ලබා ගැනීම සඳහා මෙවර ඇපකරුවන් දෙදෙනකු අනිවාර්ය කෙරේ. මව හෝ පියා පළමු ඇපකරුවා ලෙස අත්සන් කළ යුතු වන අතර දෙවැනි ඇපකරුවා ණය මුදල අනුමත කෙරෙන බැංකුවේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් කළ යුතු වෙයි. ඇපකරුවන්ගේ අවශ්‍යතාව මෙවර අනිවාර්ය කර ඇත්තේ මෙතෙක් ණය ලබාගෙන ඇති සිසුන් දෙසිය අනූ දෙදෙනෙක් ණය මුදල ගෙවීම පැහැර හැර තිබීමය.

මෙවර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අටවැනි වරට වන අතර මෙවර අයැදුම් කළ හැකි වන්නේ පසුගිය 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට පමණි.