Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බලහත්කාරයෙන් වසර ගණනාවක් පුරාවට වතු බංගලාවක් භුක්ති විඳි රාජ්‍ය අමාත්‍යවරයාව බංගලාවෙන් දොට්ට දමයි

2 years ago

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑළිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (05) එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ පිස්කල් නිලධාරින් විසින් අදාළ වතු අධිකාරිවරයා වෙත භාර දි ඇත.

අරවින්ද කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අවදියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද කුමාර් මහතා ට නිල නිවස වශයෙන් භාවිත කිරිමට මෙම නිල නිවස ලබා දි තිබුණි.

නමුත් එම වතු යායේ සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුවද එම නිල නිවස වතුයායට භාර නොදී එම නිවස අලුත්වැඩියා කර දිගටම එහි රැඳී සිටීමට අරවින්ද් කුමාර් මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් වතු පාලන අධිකාරිය විසින් ඔහුට එරෙහිව නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පැවරීය.

නුවරඑළිය දිසා අධිකරණයේ දිර්ඝ කාලයක් විභාග වෙමින් පැවති එම නඩුවේ තීන්දුවෙන් අරවින්ද කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත්වන ලෙසට ලබාදුන් නියෝගයක් නිකුත් කර ඇත.

පසුව අරවින්ද කුමාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, එහි තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඔහුට එම නිවසෙන් ඉවත් වන ලෙස ට නියෝග කර ඇත.

පසුව ඔහු අභියාචානාධිකරණයටද අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, අභියාචනාධිකරණයෙන්ද එම තීන්දුවම ලබා දි තිබුණි.
 
නුවරඑළිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිස්කල් නිලධාරින් ලිඳුල පොලීසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇත.

හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය සඳහන් කළේ අරවින්ද කුමාර් මහතා දිගින් දිගටම සිය දේශපාලන බලය භාවිතා කරමින් එම නිවසේ මෙතෙක් කලක් රැඳී සිටි බවයි.