Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට

2 years ago

මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු විවාදය හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර ඇත.

ඒ අනුව, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200 කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙයට සහභාගීවීමට නොහැකි බව ලිඛිතව දන්වා ඇති අතර පවතින කාර්ය බහුලතාවය හේතුවෙන් මෙයට සහභාගීවීමට අපහසු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

නමුත් ඔහු තවමත් අවසන් තීරණය දැනුම් දී නැති බවයි ඔහු සඳහන් කළේ.