Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චේදනීය පුවතක්! මහත් පරිශ්‍රමයක් දරා ගොඩ ගත් අලි පැටියෙකුට එසැණින් වෙඩි තැබීමට සිදුවෙයි!

2 years ago

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහයෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැනීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසු පස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් අලිපැටවා මියගිය බව වනජීවි නිලධාරීන් කියයි.

මහව වනජීවි කාර්යාල බළප්‍රදේශයේ කොහොඹකඩවල තමිමැන්නෑව ගුාමයේ අඩි 20 පමණ ගැඹුරු වගා ළිඳකට වැටී සිටින බව පසුගිය 4 වනදා රාත්‍රි කාලයේ ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පැමිණි වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදෙශවාසීන් සමග එක්ව දැඩි පරිශ්‍රමයක් දරා අලිපැටවා ඊයේ(05) පෙරවරුවෙි ගොඩගෙන බේරාගෙන තිබේ.

වගාලිඳෙන් ගොඩගත් වන අලිපැටවා කළහකාරී ලෙස හැසිරුණු මොහොතේ ඔහු අසලට ගිය කාන්තාවක පසු පස පැන්නීම නිසා වන ජීවීනිලධාරියකු ඔහු සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක කර තිබේ.

වෙඩි පහරින් තුවාල ලැබූ අලිපැටවා එහිදී මියගිය බවයි වාර්තා වන්නේ.