කොරියානු භාෂා පරීක්ෂණයට (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 09 වැනි දින නිකුත් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල බලා ගැනීමට හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම නිපුණතා පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර කුසලතා පරීක්ෂණය ලබන මස (ඔක්තෝබර්) 03 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන්.



