ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් රුපියල් 4000කට ලබා දීමට රජය අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ 2022 වසරේ රුපියල් 42,000 ක් ව පැවැති යුරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 8000ක් දක්වා අඩු වී ඇති බවයි.
එමෙන්ම මේ වසරේ සහ ලබන වසරේ මහ කන්න සදහා සෑම කුඹුරකටම ඛණ්ඩි පොහොර හෙවත් MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.


