වැලිකන්ද මඟුල්පොකුණ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් විහාරස්ථානයේ ආවාසය තුළ ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
වැලිකන්ද පොලිසිය සඳහන් කළේ මෙලෙස දිවි තොර කරගෙන ඇත්තේ 64 වන වියේ පසු වූ හිමිනමක් බවයි.
විහාරස්ථානයේ සිටි අනෙකුත් ස්වාමීන් වහන්සේලා සැතපී සිටින අවස්ථාවේ හිමිනම ගෙල වැලලා ගන්නා ආකාරය විහාරස්ථානයේ තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන බවද වැලිකන්ද පොලිසිය සඳහන් කළා.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ උන්වහන්සේ වකුගඩු රෝගය, මීමැස්මොරය, හති ඇතුළු වේදනාකාරී රෝග කීපයකින් පෙළුන හිමිනමක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


