හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙක්ට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ දිනට දින 2කට පෙර සිදු කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනාට චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා.


