Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් – සජිත් ගහන සැලසුම් ගැන කියන අනුර

2 years ago

ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ රනිල් – සජිත් සියලු දෙනා විශාල බියකට පත්ව සිටින අතර දැන් සැලසුම් සකස් කරමින් සිටින්නේ මේ පරාජයෙන් බේරීමට බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) රට අනුරට මරදන්කඩවල මහජන රැළිය අමතමිනි.

”දැන් පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවේ ඔබ දකින්න ඇති හැම වෙලාවේම කොහොමද මේ පරාජයෙන් බේරෙන්නේ කියල ඒගොල්ලෝ සැලසුම් කරනවා. තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අයින් වෙලා කිව්වා ඒගොල්ලෝ එකතු වුණේ නැත්නම් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියල. ගිය සතියේ පාර්ලිමේන්තුවේදී මම දැක්කා අරුන්දික ප්‍රනාන්දු කියනවා මාර අනතුරක් වෙන්න යන්නේ ඒගොල්ලන්ට හොඳේ.ඒ නිසා ඒක වළක්වා ගැනීම සඳහා දෙගොල්ල එකතු වෙන්නේ නැත්නම් එයා ස්වාධීන වෙනවා කියල. දැන් මොකක්ද මේ වෙමින් තියෙන්නේ. ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ ඒගොල්ලෝ විශාල බියකට පත්වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ යාපහුවට ගිහින් කියනවා සජිත්ට ගහන කතිරයක් අනුරට දෙන ජන්දයක් කියල. සජිත් ප්‍රේමදාස ගාල්ලට ගහින් කියනවා රනිල්ට ගහන කතිරයක් අනුරට දෙන කතිරයක් කියල. අපි කියන්නේ මොකක්ද දන්නවද රටේ ජනතවට එක එකා හරහා කතිර එපා. සජිත් හරහා අපිට කතිරය රනිල් හරහා අපට කතිරය අපට එපා.කෙළින්ම මාලිමවට කතිරය ගහන්න.” යනුවෙන් අනුර දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.