මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කළ ජනාධිපති අපේක්ෂකයන් අතර වන විවාදයේ පළමු වටය අද(07) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
නමුත් එම විවාදයේ ආරාධනය පිළිගෙන එයට සහභාගී වන බව තහවුරු කර තිබූ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ හා පී.අරිනේත්රන් යන අපේක්ෂකයන් ඊට සහභාගි නොවීය.
ඒ අනුව විවාදය සඳහා පැමිණ සිටියේ දිලිත් ජයවීර පමණි.
එම නිසා ඔහු සමඟ සංවාදයක් පැවැත්වීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණි.
විවාදයට අද දිනයේ සහභාගී වීමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින කිහිපයකට පෙරම ලිඛිතව දන්වා ඇති අතර අනුර දිසානායක මහතාද සහභාගී නොවන බව සංවිධායකයන් හරහා දැනුම් දී ඇත.
මෙම විවාදය රූපවාහිනි නාලිකා රැසක, සමාජ ජාලා රැසක් ඔස්සේද විකාශනය වූ හෙයින් දිලිත් ජයවීර මහතාට රුපියල් මිලියන ගණනක් වටිනා ගුවන් කාලයක් නොමිලේ හිමිවිය.


