Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොළොන්නරුවේ සිදුවූ මාරක අනතුරකින් ඉන්දීය ජාතිකයෙක් මරුට! 8කට තුවාල!

2 years ago

පොළොන්නරුව ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් තිබෙනවා.

වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ තවතා තිබියදී මෙම අනතුර සිදුව තිබුණා.

මිය ගිය ඉන්දීය ජාතික‍යා ඇතුළු පිරිස අතර මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් ද වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

අධික වේගයෙන් පැමිණි වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටෙන අවස්ථාවේ රියදුරු අසුන අසල වාඩිවී පැමිණි ඉන්දියානු ජාතිකයා මෙලෙස මියගොස් තිබෙනවා.

මේ වනවිට රියදුරු ඇතුළු සියලු දෙනා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ලොරි රථය සහ එහි රියදුරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර, ඔවුන් අද (7) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.