Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්ස්‍යයෙකුග් පහරදීමෙන් ධීවරයෙක් මිය යයි

2 years ago

යාපනයේ තවත් ධීවරයකු විෂ මත්ස්‍යයකුගේ ප්‍රහාරයකට ලක්ව පසුගිය 5 වනදා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ධීවරයෙකි.

ඔහු සුපුරුදු පරිදි තවත් දෙදෙනකු සමඟ මුහුදු ගොස් ඇති අතර, ස්වල්ප වෙලාවකදී ඔහු කෑ ගසන්නට පටන් ගෙන තිබේ.

ඒ අවස්ථාවේදී අනෙක් ධීවරයන් දෙදෙනා දැක ඇත්තේ විෂ සහිත මොරල්ලකු ධීවරයාට ප්‍රහාරයක් එල්ල කර මුහුදේ පීනා ගිය ආකාරයයි.

මත්ස්‍යයාගේ ප්‍රහාරයට ගොදුරු වූ ධීවරයා වහා ගොඩබිම වෙත රැගෙනවිත් පුංගුඩුතීව් රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

ධීවරයාගේ මරණයට හේතුව විෂ සහිත මත්ස්‍යයකුගේ ප්‍රහාරයක් බවට වෛද්‍යවරු නිගමනය කර තිබේ.

මේ වසරේ ගත වූ කාලය ඇතුළත යාපනයේදී විෂ සහිත මත්ස්‍යයන්ගේ ප්‍රහාරවලට ලක්ව මියගිය තුන්වැනි ධීවරයා මොහුය.