Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවුල් ආරවුල මරණ ද්විතවයකින් කෙළවර වෙයි! බිරිඳ මැරූ සැමියා දිවි නසාගනී!

2 years ago

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගත් පුවතක් මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම සිදුවීම ඊයේ(07) සිදු වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම පවුල් ආරවුලෙන් මියගොස් ඇත්තේ කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවකි.

මෙම දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් පැවති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

පසුගිය 06 වනදා රාත්‍රි කාලයේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලකදී සැමියා විසින් එම ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය වූ ස්ථානයේ තිබී ඝාතනය සඳහා යොදාගත් පොරවක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.