Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද දිනයේ නිවෙස්වල රැඳී සිටින්නැයි ඉල්ලීමක්

2 years ago

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කළේය.

එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා

මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ අද දිනය නිවාඩු දිනයක් වුවද පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි.

ඔහු වැඩිදුරටත් ජනතාව්ගෙන් ඉල්ලා සිටියේ එම නිසා අද දිනයේ නිවසේ රැඳී සිටින ලෙසයි.