Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීමට අදාළ චක්‍රලේඛය 21ට පෙර නිකුත් කරන ලෙස ඉල්ලීමක්

2 years ago

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ යෝජිත වැටුප් වර්ධක ප්‍රකාශ කිරීමේ චක්‍රලේඛයක් සැප්තැම්බර් 21 වැනිදාට පෙර නිකුත් කරන ලෙස ලංකා ගුරු සංගමය රජයට බලකර සිටි බවත්, චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නොවන බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන වේදිකාවල කරන ප්‍රකාශ සත්‍ය නම් මැතිවරණ දිනයට පෙර චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් විශ්‍රාමිකයන්ගේ දීමනා වැඩි කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

“සෑම ජනාධිපති අපේක්ෂකයෙක්ම රජයේ සේවකයන්ගේ වැටුප් වර්ධක ඉලක්ක කරගෙන ප්‍රකාශ නිකුත් කරනවා. වැටුප් විෂමතා ප්‍රශ්න ගැන ප්‍රකාශ කිරීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සැලකිය යුතු තැනක් ගන්නවා.”