Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය පැය 24න් හකුළා ගනී

2 years ago

සියලුම රජයේ සේවකයින්ට හිමි වරප්‍රසාදයක් වන වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලබා දී තිබෙන පහසුකම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගත් තීරණය පැය විසි හතරක් ඇතුළත නැවත හකුළා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදු වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පසුගිය 5 වනදා තමන් යටතේ ඇති ආයතනවලට දැනුම් දී තිබුණේ දේශීය හා විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම ඔක්තෝබර් මස පළමු වැනිදා සිට අත්හිටුවන බවයි.

විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ද අදාළ වූ ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමෙන් ආයතනවල කාරයයන් පවත්වාගෙන යාම ගැටලු සහගත වන බව පෙන්වාදෙමිනි.

එහෙත් ඉන් පසු දින (06) ලේකම්වරිය යළිත් දැනුම් දුන්නේ එම තීරණය ක්‍රියාත්මක නොකරන බවය.

පෙර තීරණය වෙනස් කරමින් ලේකම්වරිය සඳහන් කර ඇත්තේ උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය මත එම පියවර ගත් බව ය.