Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැප්තැම්බර් 14 වනදා නිවෙස්වල රැඳී සිටින ලෙස ජනතාවට දැනුම්දීමක්

2 years ago

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස ලබන 14 වන සෙනසුරාදා දිනය ද නම් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඊයේ දිනයට අමතරව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් 14 වැනිදා පත්කර ඇති බවයි.

මීට අමතරව ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ද අද පස්වරු 2.00 ට මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා.

ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ එම නිසා සැප්තැම්බර් 14 වනදා නිවසේ රැඳී සිටින ලෙසයි.