හයිලෙවල් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාරේ ඇද වැටී සිටි යතුරුපැදිකරුවෙක් අමාරුවෙන් නැගිටීමට උත්සාහ දරන අතර තුර වේගයෙන් පැමිණි ජීප් රථයක් යතුරුපැදිකරු හප්පා පලා ගොස් තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ තරුණයාගේ පාද දෙක සහ අතක් බිදී ඇති අතර හිසට බරපතල තුවාල සිදුව ඇති බවද පොලිසිය පවසනවා.
තුවාලකරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩ් දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
මේ වනවිට තුවාලකරුව ශල්‍යකර්ම දෙකකට භාජනය කර ඇති බව සඳහන්.
රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
එම තරුණයා රාත්‍රී සේවා මුරය නිමවා කොළඹ සිට හයිලේවෙල් මාර්ගය ඔස්සේ කොට්ටාවට එමින් සිටියදී මහල්වරාව හන්දිය ආසන්නයේදී මාර්ගය මැද ලිස්සා වැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.
ඒ මොහොතේ අපහසුවෙන් නැගී සිටීමට උත්සාහ කළ තරුණයාව පසු පසින් ආ ජීප් රථය විසින් හප්පා නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුකර පලාගිය ජීප් රථය සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


