Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය නිසා සියලුම පාසල්වලට දින 3ක නිවාඩුවක් ?

2 years ago

ජනාධිපතිවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී එම සතියේ 18,19 හා 20 දිනවල පාසල්වලට නිවාඩු ලබාදීමට හැකිද යන්න ගැන සාකච්ඡාවක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව එම සතියේ මුල් දින දෙක එනම් 16 හා 17 රජයේ නිවාඩු පැවතීම නිසා ඉතිරි දින සම්බන්ධ මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

මෙහිදී ජාතික මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් වී ඇත්තේ මැතිවරණ රාජකාරී සඳහාද පාසල් යොදාගන්නට අදහස් කර ඇති බැවින් හා දුරබැහැර පදිංචි ගුරුවරුන් ඡන්දය ලබාදීමට නිවාඩු ගන්නා බැවින් පාසල්වල වැඩකටයුතු එම දිනවල සිදුකිරීම අපහසු වියහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් සලකා බලන බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.