Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩග්ලස් දේවානන්ද අනුර කුමාරට එරෙහිව අවි අමෝරයි

2 years ago

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ කතාවක් කිරීම තමන් අනුමත නොකරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නද පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක, උතුරේ හා දකුණේ ජාතිවාදය ගැන කළ කතාව යුක්ති සහගත කතාවක් නොවන බවයි.

කෙසේවෙතත් තමාට සම්පුර්ණ කතාව තමන් ඉතා ගැඹුරෙන් අධ්‍යයනය කිරීමට නොහැකි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නමුත් එහි ප්‍රධාන අර්ථය ගැන සලකා බලන විට මේ අවස්ථාවේදී ජාතිවාදය පතුරුවා ඡන්දය ලබා ගෙන බලයට පත් වීමට ජාතික ජන බලවේගය උත්සහ කරන්නේ නම් රටේ ජනතාව එම පක්ෂයට හොද අමතක නොවන පාඩමක් හා තීරණයක් ලබා දෙනු ඇතැයිද ඔහු සඳහන් කර තිබෙනවා.

එදා ජාතිවාදී අදහස් ගැන වේදිකාවල දේශපාලනඥයින් කතා කරන විට ජනතාව අත්පොළසන් ලබා දුන්නත් අද උතුරේ හා දකුණේ ජනතාව අපේක්ෂා කරන්නේ ජාතික සංහිදියාවෙන් යුතුව ජීවත් වීමට හැකි පරිසරයක් බවද ඩග්ලස් දේවානන්දා අමාඅත්‍යවරයා මෙහිදී කියා සිටියා.