විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එකී වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ 2015 වර්ෂයේදීය.

