Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ කොමිසම බලය අතට ගනී! අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට!

2 years ago

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් විසින් කොටුව දුම්රියපොළ අසළ පැවති විරෝධතාවයක් අතරතුරදීයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තරේ කැඳවුම්කරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

පසුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.

පෞද්ගලික වෛද්‍ය උපාධි ලබාදෙන විශ්වවිද්‍යාල අහෝසි කිරීම, හිඟ මහපොළ ශිෂ්‍යාධාර මුදල් වහා ලබා දීම, මහපොළ ශිෂ්‍යාධාර රුපියල් දහදාහක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.