Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයන්ට තවත් සුබ ආරංචියක්

2 years ago

ලබන වසරේ සිට අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ප්‍රතිලාභ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2025 ජනවාරි මස සිට වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ සහිතව රාජ්‍ය අංශයේ සේවකයින් සහ සියලුම විශ්‍රාමිකයින් සඳහා වඩාත් පහසුකම් සලසන වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ සඳහා සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපෙන් සහ රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වැටුපෙන් මාසිකව රුපියල් 1,000/-ක දායක මුදලක් අය කර ජාතික රක්ෂණ භාර අරමුදලට බැර කිරීමට යෝජනා වී තිබෙනවා.

එමඟින් යෝජිත වැඩි පහසුකම් සහිත වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.