හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ පල්ලේමළල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පල්ලේමළල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ගැබිණි මවක් බව හම්බන්තොට පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ගැබිනි කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට පත් වුණු කාන්තාව කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලීසිය විසින් සිදු කරනු ලබයි.

