දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
එය ලබන වසරේ සිට ක්‍රියාත්මක බවයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව ගුරුවරුන් සඳහා මේ දක්වා ලබා දුන් නිල ඇඳුම් ලබා නොදෙන බව ද සඳහන්.
ඒ වෙනුවට රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් හිමි වනු ඇති.
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ කතෝලික දහම් පාසල් ගුරුභවතුන් හට වාර්ෂික රුපියල් 7,500ක දීමනාවක ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

