Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රී රෝද රියක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක්

2 years ago

ගලහ පොලි­සිය අසල ඊයේ (13) පාන්දර ත්‍රිරෝද රථ­යක් අඩි 25ක පමණ පල්ල­ම­කට පෙර­ළී­මෙන් එක් අයෙකු මිය­ගොස් තවත් තිදෙ­නෙකු තුවාල ලබා ඇත.

විනෝද චාරි­කා­වක් යමින් සිටි ගලහා වෙද­හැට ජන­ප­දයේ පදිංචි තරු­ණයි පිරි­සක් රැගත් ත්‍රිරෝද රථ­යක් ගලහා නග­රය ආස­න්න­යේදී පාරෙන් ඉව­තට පැන ප්‍රපාතයකට පෙරළී යෑමෙන් මෙලෙස එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තුවාල ලැබූ තිදෙ­නකු ගලහ රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ.

මෙසේ මිය­ගොස් ඇත්තේ 24 හැවි­රිදි අවි­වා­හක තරු­ණ­යකි.

දොළොස් දෙන­කුන් යුත් මිතු­රන් පිරි­සක් එක්ව ත්‍රීකු­ණා­ම­ලය ප්‍රදේ­ශයේ විනෝද චාරි­කා­වක් යෑමට සූදා­නම්ව ඇති අතර ඒ සඳහා වෑන් රථ­යක් ගලහා නග­ර­යෙන් යෑමට නිය­මි­තව තිබී ඇත.

වෙද­හැට නමැති ප්‍රදේ­ශ­යට ගලහා නග­රයේ සිට කිලෝ­මී­ටර් දෙකක් පමණ ඇති අතර මිය­ගිය අයට අයත් ත්‍රිරෝද රථ­යෙන් මෙම සිව් දෙනා අලු­යම හත­රට පමණ ගලහ නග­ර­යට යෑම සඳහා පිටත්ව ගොස් තිබේ.

මිය­ගිය තරුණයාගේ සොහො­යුරා විසින් ත්‍රිරෝද රථය පදවා ඇති අතර ඔහුට නින්ද යෑම නිසා මෙම අන­තුර සිදුව ඇති බව පරී­ක්ෂණ පව­ත්වන ගලහ පොලි­සිය පව­සයි

මෙම ත්‍රිරෝද රථය නිව­සක කාම­රය අස­ලට පෙරළී ඇති අතර ඒ අසල කාම­ර­වල දෙදෙ­නෙකු නිදා සිට ඇති බවද පොලි­සිය පව­සයි.

මිය­ගිය අයගේ සිරුර ගලහා රෝහලේ ඇති අතර පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සදහා එය පේරා­දෙ­ණිය රෝහල වෙත රැගෙන යෑමට නිය­මි­තව ඇත.