ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලබන 15 වැනිදා පමණ වනවිට සිදු කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අතර ඊයේ (13) පැවැති සාකච්ඡාවකදීයි.
එහිදී උතුරු පළාතේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සහ ඊට දකුණේ පාලකයින්ගේ අවධානය යොමු විය යුතු බවට අදහස් හුවමාරු වූ බව සඳහන්.
එමෙන්ම පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පිළිගත හැකි සාධනීය වැඩපිළිවෙලක් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කරන බවද මාවෙයි සේනාධිරාජා කියා සිටියා.
මේ පිළිබඳව ද පක්ෂ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කරන බවයි, සේනාධිරාජා මහතා ප්‍රකාශ කර ඇත්තේ.
යාපනය ශික්ෂණ රෝහල ඇතුළු ප්‍රදේශයේ රෝහල් රැසක පවතිව අඩුපාඩු සම්බන්යෙන් ද කරුණු රැස්කරගත් බවයි, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ.
නව ආණ්ඩුවක් යටතේ මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

