ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානය හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල කටියාව වෙල් යායට අද සවස පහත් කර නවතා තිබේ.
හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂය මේ වන විට පරීක්ෂා කරමින් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවයි ජනාධිපති ආරක්ෂක අංශය පවසන්නේ.
මෙසේ කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකි.

