සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින්ට දක්ෂතාව අනුව රජයේ සුදුසු තැනකට ඒමට අවස්ථාව ලබාදෙන බවත් එසේ නොමැතිනම් සාධාරණ වන්දියක් ලබාදී සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දෙන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසයි.
යුද්ධය පැවති සමයේ එම නිළධාරින් විශාල සේවයක් කළ බවත් යුද්ධය අවසන් වීමත් සමග ඔවුන්ව ඇමතිවරුන්ගේ ගෙවල් වල වැඩට දැමූ බවත්, අනුර කුමාර දිසානායක මහතා ඊයේ(13) අම්පාරේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළිය අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියේ රට ගොඩගැගීම සඳහා එක්වන ලෙසයි.

