සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් මඩකලපුවේදී පවත්වන ලද ජනරැළියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ජනරැළිය අමතමින් සිටියදී එම ගල් ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරය නිසා රැස්වීම් භූමියේ කලබලකාරී තත්ත්වයක් ඇති විය.
ප්‍රහාරය එල්ල වීමත් සමඟ ආරක්ෂක අංශ සාමාජිකයින් රවුෆ් හකිම් මන්ත්‍රීවරයාව වට කරගනිමින් ආරක්ෂාව සැපයූහ.
අකුරණ ප්‍රදේශයේ පසුගිය 23 වැනිදා පැවති ජනරැලියකදීද හකීම් මහතාට රැස්ව සිටි පාක්ෂිකයන්ගෙන් විරෝධය එල්ල විය.

