Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චරිත හේරත් සහ තිස්සට අනුර දිනුවොත් යස පාඩමක් ඉගැන්වීමට සැරසෙයි

2 years ago

තම රජයක් යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් සහ තිස්ස අත්තනායක අධිකරණයට කැඳවීමට කටයුතු කරන බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

“සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ නැවත පැරණි ආගම්වාදී ජාතිවාදී කථා හැර වෙන කිසිම කථාවක් නැහැ. තිස්ස අත්තනායක මහනුවරට ගිහිල්ලා කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් පෙරහර නතර කරනවා කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියලා. ඕවා කියපු හැම දෙනාම අපි පෙරහරේ අධිකරණයට ගෙන්නවා.” යනුවෙනුයි.

ඔහු මෙම අදහස් පළ කළේ මීරිගමදී සංවිධානාය කර තිබූ රැස්වීමකට එක්වෙමින්.