ඉදිරි සතිය තීරණාත්මක සතියක් වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිදුවන දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
ඉදිරි සතිය තුළදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම්, විවිධ ගැටුම් ඇති කිරීම් ආදිය සිදු කිරීමේ ඉඩකඩක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මීරිගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

