තම රජයක් යටතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තමා බලයට පත් වූ විගසම අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩ නැගීම වෙනුවෙන් ස්ථිර සහ කාලීන තීන්දු රැසක් ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

