දඹුල්ල ඇතාබැදිවැව ප්‍රදේශයේ පාසල් සිසුවකුගේ මළසිරුරක් වැවක පාවෙමින් තිබියිදී සොයාගත් බව පොලීසිය පවසනවා.
දින 02 කට ඉහතදී නිවසේ සිටියදී එම සිසුවා අතුරුදන්වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් තිබුණා.
ඒ අනුව අතුරුදන් වූ සිසුවා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් කර ඇති අතර පොලිස් නිල සුනඛයින්ගේ ද සහාය ඇතිව සිසුවාගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි පොලීසීය පවසන්නේ.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.

