Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය ගැන ජොන්ස්ටන්ගෙන් අනාවැකියක්

2 years ago

මෙවර කුරුණෑගල දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ජය ගන්නා බව එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ හිරියාල් ප්‍රදේශයේදි පෙති ජන රැුලියක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසුවේය.

‘අනෙක් පක්ෂවල රැස්වීම් සඳහා ඈත දිස්ත්‍රික්කවලින් ජනතාව පැමිණෙනවා. නමුත් අපේ මේ රැස්වීමට පැමිණ තිබෙන්නේ මේ ආසනයේ ජනතාවයි. දිස්ත්‍රික්කයක් ලෙස අපිට විශ්වාසයක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්න කුරුණෑගල ජනතාව සමත් වුණා. එදා පටන් ගන්නවිට වගේ නොවෙයි අද වනවිට අපි සාර්ථක ප්‍රගතියක් ලබා තිබෙනවා. තවත් රැස්වීම් අපිට තිබෙනවා.

මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කය ද පොහොට්ටුව දිනනවා. තව දින කිහිපයක් පමණයි තිබෙන්නේ. මහන්සි වෙලා වැඩ කරන්න. මේ පණිවුඩය ගෙනයන්න. මේ රට මෙහෙයවන්න පුළුවන් දක්ෂ නායකයෙක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් අපේක්ෂකයන් මේ රට විනාශයට පත්කළා. චීනයට දෙවැනි වූ ආර්ථික වර්ධනයක් අපි ලැබුනත් යහපාලන ආණ්ඩුව සමයේ එය ආපස්සට රැගෙන ගියා. ජාතික ආරක්ෂාව විනාශයට පත්වුණා.”