Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජබ රැස්වීමේ අවුලක්! ලක්ෂ්මන් රෝහිනී වලියක්!

2 years ago

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී කවිරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රැස්වීම අවට ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ හා සජිත් ප්‍රේමදාසගේ රුව සහිත විශාල ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් පැමිණ සිටි ජනතාවට ඔහුගේ නම සහිත හිස් වැසුම්ද බෙදා දී තිබූ බව වාර්තා වනවා.

මෙහිදී ඔහු එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසා ඊට උරන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත මහතා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට නොපැමිණෙන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙන බව පැවසෙනවා.

ඇයගේ විරෝධය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගිය බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනක අසුන් ගෙන තිබෙනවා.

ඇයගේ කතාව අතරතුර දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවයි .

එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන ලෙසද ඇය එහිදි සඳහන් කළා.

වේදිකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසුන්ගෙන සිටියදී ඇය මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.