තම වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ බව දැනගත් මවද ජීවිතක්ෂයට පත් වූ ඛේදනීය පුවතක් පිළිබඳව තොරතුරු බිංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
තම පුතු මියගිය පුවත දැන මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිංගිරිය ප්‍රසන්නග ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 70ක දෙදරු මවක්.
ඇයගේ වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
එම පුවත ඇසූ ඇය පපුව වේදනාව ඇති වූ බව පවසමින් බිම වාඩි වී තිබෙනවා.
ඇයව කඩිනමින් රෝහල් ගත කළද පැය කිහිපයකට පසු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
මොවුන් දෙදෙනාගේම අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

