ඉදිරි දින කිහිපය තුළ කෘතිම ප්රචණ්ඩ ක්‍රියා නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
එවැනි ක්‍රියා සිදුවුවහොත් ඒ ගැන වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ඒ, අද (17) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
“මිනිස්සු වෙනදට වඩා මේ පාර ජන්දය දානවා. බලයේ හිටිය අය බියට පත්වෙලා. සමහර මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය කිහිපයක් මඩ අවලාද නගනවා ජාතික ජන බලවේගය ප්‍රචණ්ඩත්වයට යනවා කියලා හුවා දක්වන්න හැදුවා. අරගලේ වෙලාවේ කටුනායක මත්තල වෙච්ච දේවල් දැන් ඒවා වගේ හුවා දක්වන්න හදනවා. සමහර තැන්වල මාලිමාවා ලෙස හැගෙන විදිහට දුරකථනයෙන් කතාකරලා තර්ජනය කරනවා. කරුණාකරලා එහෙම කතාකරනව නම් ඒ අංකය පිළිබද පොලීසිය දැනුවත් කරන්න ඉදිරි දින කිහිපයේදී දුර්වල ප්රචණ්ඩ ක්‍රියා නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. මාලිමාවේ ටී ෂර්ට් ඇදගෙන පහරදීම් කරන්න ඉඩ තියෙනවා. ජනතාවගේ බදු මුදලින් ගෙවන සුඛෝපභෝගී ජීවිත අහිමිවන අය කරන වැඩ මේ.“

