Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේ රට බෙදන්න මම ඉඩ දෙන් නෑ – නාමල් රාජපක්ෂ

2 years ago

රට ගොඩනැඟීමෙහිලා බාධා බිඳලමින් ගමන් කළ හැකි ශක්තිමත් මාවතක් තමා සතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටියේ ය. ඔහු බව සඳහන් කළේ මහියංගණය නගරයේ දී පෙරේදා (15) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන ජනහමුව අමතමිනි.

එහිදී තව දුරටත් අදහස් පළකළ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

“මේ ජනතාව විශ්වාස කරන නායකයා සමඟ විශාල පිරිසක් අද මේ රැස්වීමට සහභාගි වී සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේම මාතෘ භූමියේ විජයග්‍රහණය තහවුරු කරන්න මේ ජනතාව දෙන සහයෝගය අගය කරනවා. අපි දේශපාලනය කරන්නේ මේ රට ගොඩනඟන්න. අපට දැක්මක් වගේම සැලැස්මක් තිබෙනවා. අපි මැතිවරණවලදී බලය ලබා ගැනීමට හෝ මැතිවරණවලට ඉදිරිපත් වෙනවාට ඉදිරිපත් වන්නේ නෑ. අපි මැතිවරණවලට ඉදිරිපත් වන්නේ දිනන්නයි. අපි දිනන්නේ රට හදන්නයි. අපිට සැලැස්මක් සහ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වගේම රට හදන්න අපිට වුවමනාවකුත් තිබෙනවා. අපිත් ගම්වල හැදුණු වැඩුණු අය.

“නැවත වතාවක් මේ රට බෙදන්නත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන්නත් අපි ඉඩ තියන්නේ නෑ. නැවත වරක් මේ ජනතාව මායිම් ගම්මානයකට සීමා කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔබ ගොඩනැඟූ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එළඹෙන 21වැනිදා දිනවන්න අවශ්‍ය පියවර ගතයුතු වෙනවා. ඒ වගේම මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම ද මම භාර ගන්නවා.”