Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් – නාමල් එකතුවක් පිළිබඳව ජනපතිගේ පාර්ශ්වයෙන් චෝදනා

2 years ago

ජනාධිපති ධූරය සහ විපක්ෂ නායක ධූරය බෙදාගැනීම වෙනුවෙන් නාමල් සහ සජිත්  අතර අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරණය ජයගැනීමට තමන්ට සහාය දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂට  විපක්ෂනායක ධූරය ලබාදීමටත්, රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමටත්
සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත  සේනාරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අඩාල  කිරීමට කුමන අශුද්ධ සන්ධාන පිහිටුවා ගත්තත්, ඒ කිසිවක් සාර්ථක නොවන බවත්, මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින බවත් ඒ මහතා  ප්‍රකාශ කළා.