Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇඳෙන් වැටී සිවුදරු පියෙක් ජීවිතක්ෂයට

2 years ago

ඇඳෙන් වැටී සිවුදරු පියෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මොහු යාපනය ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිට ඇති අතර ඔහු රාත්‍රියේ නිදා සිටියදී මෙසේ ඇඳෙන් බිමට වැටී සිහිසුන් වී ඇති අතර ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතින් වෙත භාර දීමට කටයුතු කොට තිබෙනවා.