ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා.
බැසිල් රාජපක්ෂ ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත බව සඳහන්.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින් සති තුනක කාලයක් සඳහා ඔහු මෙලෙස විදෙස ගත වී ඇති බවයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.
දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පක්ෂයේ සංවිධාන ජලය මෙහෙයවීම සඳහා ඔහු නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

