Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්ලබ් වසන්ත ඝාතනයට යොදා ගත් උණ්ඩවල කේ.පී.අයි.(KPI) යනුවෙන් සටහන් කිරීමට හේතුව සැකකරුවෙක් පාපොච්චාරණය කරයි

2 years ago

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනයට යොදා ගත් ගිනි අවිවල තිබූ උණ්ඩවල කේ.පී.අයි. (KPl) ලෙස සටහන් කිරීමට හේතුව හෙළිව තිබෙනවා.

ඒ පසුගියදා අත්අඩංගුවට ගත් අලුත්ගම – දර්ගා නගරයේ වෙළඳසැළක සහයකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා සිදු කළ පාපොච්ඡාරණයට අනුවයි.

ඔහු සඳහන් කර ඇත්තේ කංජිපාණි ඉම්රාන් යන නාමය සංකේතවත් කිරීමට එලෙස කේ.පී.අයි.(KPI) යනුවෙන් සටහන් කළ බවයි.

24 හැවිරිදි මොහු වෙඩි තැබීම සඳහා භාවිත කළ උණ්ඩවල කේ.පී.අයි. ලෙස සටහන් කිරීම සහ සැකකරුවන් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.