හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි වාර්තා වෙන්නේ.
එම ආරංචිමාර්ග සඳහන් කළේ ආගමික වැඩසටහන් කිහිපයක් සඳහා ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(20) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

