සැමියා පැදවූ ත්‍රිරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ පදිංචිව් සිටි 55 හැවිරිදි දෙදරු මවකි.
මෙම කාන්තාව සිය සැමියා සමඟ ත්‍රිරෝද රථයකින් පිළියන්දල සිද්දමුල්ල පුදේශයේ පිහිටි පෞද්ගලික වෙළඳ සැල විවෘත කිරීම සඳහා ත්‍රිරෝද රථයක යමින් සිටියදී කුඩමාදුව වෙල්යාය මැද පිහිටි පාලම මතදී ඉදිරි පසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී පෙරළී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් කාන්තාව ක්‍රිරෝද රථයට යට වී ඇති අතර එහි සවිකර තිබූ හුඩ් ටුක් එක මෙම කාන්තාවගේ හිසේ ඇලේ බරපතල තුවාල සිදුව තිබුණි.
පසුව අනතුරින් තුවාල ලැබූ සැමියා සමග බිරිඳ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බිරිඳ ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සැමියාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
(source – lankadeepa)

