සමගි ජන බලවේගයේ පෝලිම් බූත් නියෝජිතවරයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, රත්නපුර නව නගරයේ ශ්‍රී සුමනගම පදිංචි එච්.ඩබ්.ඒ. වන්නිආරච්චි වන 69 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්.
අද (21) උදෑසන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ පෝලින් බූත් නියෝජිතයකු ලෙස සහභාගිවීමට ගොස් ඇති බවයි ඔහුගේ බිරිඳ පවසන්නේ.

